වාර්තා පොත් අලුත් කරමින් ශ‍්‍රී ලංකා පිළ බංගලාදේශයේ ඉනිම නිමා කරයි
බංග්ලාදේශයේ ඩකාහිදි අද (25 වැනිදා) පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායමට පන්දුවාර 24කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 82ක් පමණි.එය බංගලාදේශ කණ්ඩායමක් එක්දින තරගයකදී ලබාගත් 08වැනි අඩුම ලකුණු සංඛයාව ලෙස වාර්තා පොත් අතරට එක්විය.
සුරංග ලක්මාල්ගේ පන්දු යැවීම හමුවේ එනමුල් හක් සහ තමිම් ඉක්බාල්ට ස්ථාවර වීමට අවස්ථාවක් ලබානොදීම නැවත ක්‍රීඩාගාරයට වෙත හරවා යැවීමට හැකිවූ අතර පෙර තරගවල සිම්බාව්වේ කණ්ඩායමේ ගැලවුම්කාරයන් වු තමීම් සහ සකීබ් ධනුෂ්ක ගුණතිලකගේ සුපිරි පන්දු රැකීම හමුවේ ලකුණු 05කටත්, ලකුණු 08කටත් දැවී ගියේයඅනතුරුව යළි ක‍්‍රියාත්මක වූ සුරංග ලක්මාල් ලකුණු 07ක් ලබා සිටි මෙහොමදුල්ලා දවා ගැනීමට සමත්විය.
මෙම තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම ක‍්‍රිඩකයා ලෙස දස්කම් දක්වන තිසර පෙරේරා ලකුණු 10ක් ලබා සිටි සබ්බීර් රෙහමාන් හා ලකුනු 07ක් ලබා සිටි අබුල් හසන් දවා ගනිමින් බංගලාදේශ කණ්ඩායම ඉතා අසීරු තත්වයක පත්කළේය.
එක් අන්තයක කඩුලු බිද වැටෙද්දී ස්ථාවර ඉනිමක් ක‍්‍රීඩා කිරීමට සැරසුණු මුෂ්ෆිකර් රහීම් දුෂ්මන්ත චමීර එවු පන්දුවකට කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් දෙමින් දැවී යන විට ලකුණු 26ක් ලබා සිටියේය.
ලකුණු 12ක් ලබා සිටියදී තිසර පෙරේරා එවු පන්දුවක දික්වැල්ලට අතට දුන් පහසු උඩපන්දුව අතහැරීමත් සමග මුෂ්ෆිකර්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටිමේ වාසනාව හිමිවිය.
අනතුරුව පසුපෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට නොදුන් ලක්ෂාන් සදකැන් බංගලාදේශ ඉනිමේ අවසන් පිතිකරුවන් ඉතා ඉක්මනින් ක‍්‍රීඩා ගාරයට යවමින් බංගලාදේශ කණ්ඩායම අන්ත අසරණ තත්වයක පත්කළේය පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුණු 21කට කඩුලු 03ක් දවා ගැනිමට සමත් වු අතර චමීර,තිසර හා සදකැන් කඩුලු 02 බැගින් බිද හෙළූහ.

Comments
Post a Comment