‘දෙකක් පැරදුනා කියලා අතඅරින්න බෑ..බංගලාදේශයට තියන ශක්තියම තමයි අපේ දුර්වලතාව වෙලා තියෙන්නෙත්”
තුන්කොන් තරගාවලියේ මුලික වටයේ පැවැත්වෙන අවසන් තරගය අද බංගලාදේශ කණ්ඩායම හා ශ‍්‍රි ලංකා කණ්ඩායම අතර මිර්පූර්හි ශ්රේ බංගලා ක‍්‍රිඩංගණයේදී අද පෙරවරු 11.30 ට ආර්ම්භවීමට නියමිතව ඇත.
මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන තීරණාත්මකම තරඟය බවට මෙම තරගය පත්වී ඇති අතර ලැබෙන ප්‍රතිපලය මත ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලබනවාද නැද්ද යන්න තීරණය වීම මෙම තරඟය මේ තරම් වැදගත් වීමට හේතුව වී ඇත.
තරඟය ගැන මාද්‍ය වෙත අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසා ඇත්තේ බංගලාදේශ කණ්ඩායම මේ වන විට ඉතා ප්‍රබල කණ්ඩායමක් බවට පත්වී ඇති බවය.
බංගලාදේශ කණ්ඩායම අද ප්‍රබල කණ්ඩායමක් බවට පත්ව තිබෙන්නේ එම කණ්ඩායම සතු අත්දැකීම් බහුල ක්‍රීඩකයන් නිසා බව පවසන ශ්‍රී ලංකා නායකයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසිය බවට පත්ව ඇත්තේද මෙම අත්දැකීම් වල අඩු බව යන්නය.
බංගලාදේශ කණ්ඩායම අද වෙද්දී ප්‍රබල කණ්ඩායමක් වෙලා තියෙන්නේ ඒ කණ්ඩායමේ ඉන්න අත්දැකීම් තියන ක්‍රීඩකයෝ නිසාතමීම්ශ කීබමහමදුල්ල වගේම මුෂ්ෆිකර් කියන්නේ.
ලෝකයේම ඉන්න ගොඩකඅත්දැකීම් තියන ක්‍රීඩකයෝ බවට පත්වෙලා තියෙන්නේ දැන්ඒ වගේම ඔවුන්ගේ සංචිතයේ ඉන්න ක්‍රීඩකයන් 10 ක් විතර නිතරම ජාත්‍යන්තර තරඟ වලට ක්‍රීඩා කරන ක්‍රීඩකයෝමේ තත්වය නිසා තමයි බංගලාදේශය ප්‍රබල තැනකට පත්වෙලා ඉන්නේ.
අපේ කණ්ඩායමට ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නෙත් අත්දැකීම් තියන ක්‍රීඩකයෝ කණ්ඩායමේ අඩු එක,අත්දැකීම් තියන අය අභාදයන්ට ලක් වෙද්දී කණ්ඩායම නැවත අත්දැකීම් අඩු ක්‍රීඩකයන් ඉන්න තැනක් වෙනවාඅවරුදු එකහමාරක කාලයකදීම වුනේ මේ දේ තමයි අපිට කණ්ඩායමක් විදියට කාලයක් එකට සෙල්ලම් කරලම තමයි මේ තත්වයෙන් ගොඩ එන්න ඕන.
පළමු තරඟ දෙක පරාජයට පත්වීම අවාසියක් වුවද නැවත කණ්ඩායම තරඟාවලියට පැමිණ ඇති බවද චන්දිමාල් පවසා ඇත මේ වගේ තරඟාවලියක පලවෙනි තරඟ දෙක පැරදුන එක අපිට ලොකු අවාසියක් වුනා,හැබැයි එහෙම කියල අතාරින්න බෑ මම හිතන්නේ අපි දැන් නැවත තරඟාවලියට හොඳින් පිවිසිලා ඉන්නේ.

Comments
Post a Comment