සිංහ පිළේ තවත් ප‍්‍රබලයෙකු අබාධයට ලක්වෙයි..අද තරගයට ක‍්‍රිඩා කරන කණ්ඩායමේ වෙනසක්..
කුසල් වෙනුවට ධනංජය ද සිල්වා බංග්ලාදේශයට කැඳවීම් ලැබූව ද, බොහෝ විට උපුල් තරංග සමඟ ආරම්භක පිතිකරු ස්ථානයේ ධනුෂ්ක ගුණතිලක කටයුතු කරනු ඇත. කඩුලු රකින ක‍්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ද කණ්ඩායමේ 11 දෙනා අතර සිටීම හේතුවෙන් ආරම්භක පිතිකරු ස්ථානය සඳහා ඔහුව ආදේශ කිරීමේ හැකියාවක් ද තේරීම් කමිටුව සතුව තිබේ.
එහෙත් අවසන් එක්දින තරග කිහිපය දෙස බැලීමේ දී පිතිකරුවෙකු ලෙස දික්වැල්ල ලබා ඇති අසාර්ථකත්වය පිළිබඳව යම් ගැටලුකාරීතත්ත්වයක් මතුවන අතර ඔහු අවසන් වරට ක්‍රීඩා කර ඇති ඉනිම් 14 දී රැස් කර ඇත්තේ ලකුණු 201ක් පමණි.
එහි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 15.46ක් ලෙස සටහන් වේ. ඒ අතරතුර දී දික්වැල්ලගේ පිත්තෙන් එකම අර්ධ ශතකයක් හෝ වාර්තා වී නොමැති අතර ලකුණු 30 සීමාව ඉක්මවා ඇත්තේ ද එක් අවස්ථාවක දී පමණි.මෙතෙක් සහභාගි වූ තරග 3ම ප‍්‍රසාද ලකුණු ද සමඟ ජයගෙන සිටින බංග්ලාදේශ කණ්ඩායම හෙට තරගයේ දී ජයග්‍රාහී සංයුතිය වෙනස් කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි නමුත්, පළමු තරග 3 දී අසාර්ථක වූ අසේල ගුණරත්නගේ ස්ථානයට බොහෝ විට ධනංජය ද සිල්වාව ආදේශ කිරීමේ අවස්ථාවක් පවතින බව එරටින් ලැබෙන ආරංචි මාර්ගවල සඳහන් වේ.
මේ අතර සිම්බාබ්වේ කන්ඩායම සමග පැවැති තරගයේදී විශිෂ්ට පන්දුයැවීමක නිරත වු නුවන් ප‍්‍රදීප්ද අබාධයකට ලක්ව ඇති බව විදෙස් ආරංචි මාර්ග වාර්තා කර ඇති අතර ඒ වෙනුවට දුෂ්මන්ත චමීර ක‍්‍රීඩා කරනු ඇති බවට වාර්තා වෙයි.
අපේක්ෂිත ශ‍්‍රී ලංකා කණ්ඩායම උපුල් තරංග ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් නිරෝෂන් දික්වැල්ල දිනේෂ් චන්දිමාල් (නායක)අසේල ගුණරත්නතිසර පෙරේරා අකිල ධනංජය සුරංග ලක්මාල් ලක්ෂාන් සඳකැන්දුෂ්මන්ත චමීර අපේක්ෂිත බංග්ලාදේශ කණ්ඩායම තමීම් ඉක්බාල්, එනමුල් හක්, ශකීබ් අල්හසන්, මුෂ්ෆිකර් රහීම්, මහමුදුල්ලා, සබීර් රෙහ්මාන්, නසීර් හොසේන්මෂ්රෆී මොර්ටාසා (නායක) සන්සමුල් ස්ලාම්, මුස්ටෆිසුර් රෙහ්මාන්, රැබෙල් හොසේන්.

Comments
Post a Comment