දැන් ලොවම මවිත කරමින් බංගලියො බිය කරමින් ධනුෂ්ක අහසේ පාවෙලා ගිහින් ගත්ත තමිම් ගේ සුපිරි උඩපන් දුව මෙන්න මේක ලොකේ සුපිරිම උඩ පන් දුව මෙන්න වෙලාVIDEO
බංග්ලාදේශයේ ඩකාහිදි අද (25 වැනිදා) පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය කණ්ඩායමේ නායක මෂ්රෆී මොර්තාසා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
මේ වන බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 10ක් තුළ කඩුලු 03ක් දැවී ලකුණු 32ක් ලබා අසීරු තත්වයේ පසුවෙයි.නොදැවී පන්දුවට පහරදෙන මුෂ්ෆිකර් රහීම් ලකුණු ලකුණු 04ක් ද හා මොහොමදුල්ල ලකුණු 06ක් ද ලබා කඩුල්ලේ රැදී සිටියි.
බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු අනමුල් හක් සුරංග ලක්මාල් එවු පන්දුවකට ලකුණු නොලබා දැවී ගිය අතර පෙර තරගවල සිම්බාව්වේ කණ්ඩායමේ ගැලවුම්කාරයන් වු තමීම් සහ සකීබ් ධනුෂ්ක ගුණතිලකගේ සුපිරි පන්දු රැකීම හමුවේ ලකුණු 05කටත්, ලකුණු 08කටත් දැවී ගියේය.
පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුල 02ක් දවා ගැනීමට සමත් විය
සිම්බාබ්වේ කණ්ඩායම සමගින් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි කුසල් පෙරේරා සහ නුවන් ප්‍රදිප් අබාධයන්ට ලක්වීම හේතුවෙන් අද තරගයෙන් ඉවත් කර ධනුෂ්ක ගුණතිලක සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා ඇත.
මේ වනවිටත් බංග්ලාදේශ කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගෙන ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට නම් අද තරගය අනිවාර්යෙන් ජයගැනීමට සිදුවනු ඇත.
ශ්රී ලංකා කණ්ඩායමඋපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල් (නායක), කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, තිසර පෙරේරා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර.
බංග්ලාදේශ කණ්ඩායමමෂ්රෆී මොර්තාසා (නායක), තමීම් ඉක්බාල්, අනමුල් හක්, ශකීබ් අල් හසන්, මුෂ්ෆිකූර් රහීම්, මහමුදුල්ලා, සබීර් රහ්මන්, නසීර් හුසේන, අබුල් හසන්, මුස්ටෆිසූර් රහ්මන්, රුබෙල් හුසේන්.

Comments
Post a Comment